කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව කිරිපිටි ආනයනික සමාගමක විශ්වාස ආරංචිමාර්ග සඳහන් කරයි.
ඩොලර් හිඟයත් සමග විදේශ සැපයුම්කරුවන් ගෙවීමට ඩොලර් නොැමැති වීම නිසා මේ වනවිටත් කිරිපිටි ආනයනය හරි අඩක්ම නැවතී ඇතැයිද එම සමාගම සඳහන් කරයි.
එමෙන්ම කිරිපිටි ආනයනකරුවන්ට විදේශ සැපයුම්කරුවන් මාර්ගයෙන් කිරිපිටි නොලැබීම නිසා මේ වනවිටත් මෙරට කිරිපිටි හිඟයක් මතුව ඇති අතර එය ඉදිරියේදී කිරිපිටි සම්පූර්ණයෙන්ම නොමැති තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයිද සඳහන් වෙයි.