Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නීතියේ ආධිපත්‍යය ගැන ජනතාවට දැන් හැඟීමක් නෑ

janamaga-sabry-

අධිකරණය සඳහා වාර්තාධිකාරී විනිසුරුවරුන් පත් කිරීම් දේශපාලඥයන්ට පැවරීම සුදුසු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කරයි.

අද (09) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු සඳහන් කරනුයේ එම පත්කිරීම් දේශපාලන අධිකාරියෙන් එළියට ගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරිය යුතු බවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිලිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ පිලිබඳව අදහස් දැක්වීය.

නඩු ඇසීමට වෙනම විනිසුරුවරුන්ද නඩු විභාග සූදානම සඳහා වාර්තාධිකාරී විනිසුරුවරුන්ද පක් කිරීමට කටයුතු කරගෙන යන බව පැවසු අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනුයේ නීතියේ නව නැම්මක් ඇති කිරීම මෙහි අරමුණ බවයි.

නීතියේ ආධිපත්‍යය ගැන වර්ථමානයේ ජනතාවට ලොකු හැඟීමක් නොමැති බවත් නීතියේ පාලනය ගැන විශ්වාසය වැඩිවූ විට නඩු කියන ප්‍රමාණයද වැඩිවිය හැකි බවත් ඔහු පැවසීය.

නීතියේ ප්‍රමාදය වර්ථමානයේ පවතින බරපල ප්‍රශ්නයක් බවත් එක්තරා අතවරයක් පිලිබඳ නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට අවුරුදු විස්සක් ගතවූ බවද සඳහන් කලේය.

එමෙන්ම එක්තරා නඩුවක සාක්ෂිකරුවෙකුගෙන් සාක්ෂි ලබා ගැනීමට වසර හතක් ගතවී ඇතැයි ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img