මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවු බව කියන රුපියල් මිලියන 50 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුව එම වංචාවට සම්බන්ද මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා තබා ඇතැයි වාර්තා වෙයි.
සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවන අතිකාල දීමනා කපාහැරීම ඇතුළු විවිධ ක්‍රම මගින් සේ එම මූල්‍ය වංචාව සිදු කර තිබෙන බව විමර්ශනවලදී හෙළිව තිබෙන අතර එම කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තාවන් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි මෙම වංචාව සම්බන්දයෙන් මූලික තොරතුරු හෙළිව තිබේ.
එමෙන්ම මෙම වංචාව අවුරුදු 05ක කාලයක් පුරාවටම සිදුකරමින් පැවති බවද මූලික විමර්ශනයේදි හෙලිව ඇතැයිද සඳහන්.