පසුගිය දෙසැම්බර් මස 18 වැනි දිනට එලැඹුණු පොහෝ දිනය වෙනුවෙන් බුද්ධම රජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වී නිවසට එමින් සිටි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මොනරාගල ගොවිඳුපර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අදාල දිනයේ කාන්තාව සිල් සමාදන් වී සවස සිල් පවාරණය වීමෙන් අනතුරුව සිය දස හැවිරිදි මිණිපිරිය සමග විහාරස්ථානයේ සිට නිවසට එමින් සිටින අතරවාරයේ මග රැක සිටි පුද්ගලයෙකු විසින් කාන්තාව ළඳු කැලෑවකට ඇදගෙන ගොස් අතරව කර ඇති බවත් මේ පිලිබඳව අදාල කාන්තාව ගොවිඳුපුර පොලීසියට පැමිණිලි කර ඇති බවත් සඳහන්.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇත.
සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.