Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

එගොඩ උයනේ වෙඩිල්ලෙන් “අබ්බා’ මරුට

janamaga-stf

මොරටුව එගොඩ උයන, මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් 27 හැවිරිදි දුලාන් සමීර සම්පත් නොහෙතා් %අබ්බා^ නැමති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු මියගොස් තිබේ.

එමෙන්ම මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිවරයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

%අබ්බා& නැමැත්තා විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පානදුර සලිඳු නැතැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවද මූලික විමර්ෂණයන්හීදි අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර වලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කාන්තාවකගේ අතක් කපා දැමූ සිද්ධියේද ප්‍රධාන සැකකරු බවටද අනාවරණය වී ඇත.

මොරටුව එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ නිවසක රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම නිවස වැටලු අවස්ථාවේදි සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර එහිදි පොලිසිය විසින් එල්ල කල වෙඩි පහරින් සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන්

එම අවස්ථාවේදී මියගිය සැකකරු සමග සිටි සැකකටයුතු පුද්ගලයන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකුගේ නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගැන ඇති අතර ඒ අනුව මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් වූ එම සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත. එසේම මෙම සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ පුද්ගලයෙකුද වන බව පොලිසීය සඳහන් කරයි.

එමෙන්ම මෙම මෙහෙයුමේදී සැකකටයුතු පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුර පරීක්ෂණය සඳහා එගොඩඋයන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img