තලවකැලේ, උතුරු මැද කුඹුර වතුයායේ තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කැළෑවක සැඟව සිටියදී අත්අඩංගුවට ගත්බව තලවකැලේ පොලීසිය සඳහන් කරයි.
පෞද්ගලික ආරවුලක් මත පසුගිය 05 වැනි දින මෙම මිනීමැරුම සිදුකර ඇති අතර අදාල සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි
සැකකරු ප්‍රදේශයේ කැළෑවක් තුල සැඟව සිටින බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය සිදු කරන ලද වැටලීමකදී දින හතරකට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තලවකැලේ, උතුරු මැද කුඹුර වත්ත, ප්‍රදේශයේ පදිංචිව සිටි මුරුගයියා සරවනන් (31) නැමැති විවාහක තරුණයෙකු මෙසේ ඝාතණය කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) දින නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට තලවකැලේ පොලීසිය පියවර ගෙන තිබිණි.