ජනතා ගැටළුවලට පිලිතුරු නොලැබෙන්නේ නම් හෝ තමන්ගේ ඉල්ලීම් ආණ්ඩුව කන් නොදෙන්නේ නම් තමන් දරන ඇමති තනතුරින් ඉවත්ව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍ය නිමල් ලංසා සඳහන් කරයි.
මීගමුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“දැන් ගෑස් නෑ වගේම..මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේම..ගෑස් එක අරන් ගියාම පුපුරනවා. ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. නියමිත පරිදි ගෑස් ටික සපයන්න. නැතිනම් තනතුර දලා යන්න පුළුවන්. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති මාධ්‍යවල හිනා වෙනවා. ඔය සභාපති ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් ගහලා එළවන්න ඕනේ.”
“සමහර ආයතනවලට වගකීමක් තියෙන අය පත්කරලා නෑ කියලා තමයි අපිට පේන්නේ. වගකීමක් භාර ගත්තා නම් වගකීම ඉටුකරන්න. එක එකාට බෝල පාස් කරලා හරියන්නේ නෑ.”
“අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. අපි මේක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. ඒකට ඇහුන්කන් දෙන්නේ නැත්නම් අදාළ පාර්ශ්ව.. ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක කියනවා.”
“මුතුරාජවෙල පවරා ගැනීම. අලුතෙන් ගහපු ගැසට් එක වහාම අවලංගු කරන්න ඕනේ. අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරු වරප්‍රසාද අතහැරලා.. වාහන භාරදීලා මිනිස්සු එක්ක හිටගෙන සටන් කරනවා.”