උතුරු කොරියානු හැකර්වරුන් විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
2020 වසරේ සිට 2021 මැද භාගය දක්වා කාලය තුල ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකර්වරුන් විසින් සොකරම් කර ඇති බව පර්යේෂකයන් මෙහිදි සඳහන් කර ඇත.
එමෙන්ම මේ පිලිබඳ තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුව වෙත බාර දී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හැකර්වරුන් විසින් උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ පිහිටා ඇති ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම සොකරම් කිරීම සිදුකර ඇතැයිද සඳහන්.