Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉහළ යන ඉන්ධන මිල මෙන්න – IOC නැවතත් වැඩිවෙයි ?

janamaga-ceypetco-ioc

ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාල යෝජනා අද (14) බලශක්ති අමාත්‍යවරයා වෙත බාරදුන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට නම් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්ය බව ඔවුන් සඳහන් කරයි.

මේ වනවිට පෙට්‍රල් ලීටරයක මිල 177ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 121ක් වන අතර ආනයනික පිරිපහදු පෙට්‍රල් ලීටරයක පිරිවැය 192ක් වන අතර ඩීසල් ලීටරයක පිරිවැය 169ක් වන බවද සඳහන්. මේ වනවිට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.68ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 48.30ක් සංස්ථාව පාඩු ලබන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මෙම පාඩුව අවම කර ගැනීමට නම් ඉන්ධන මිල ඉහල දැමීමක් අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව පසුගියදා මුදල් අමාත්‍යාංශය වෙතද දන්වා යවා ඇත.

කෙසේ වෙතත් අවසන් වරට පසුගිය දෙසැම්බර් 20 වැනි දින ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහල දැමූ අතර ඉන් අනතුරුව පසුගිය දිනක ලංකා ඉන්දියන් ඔයිල් සමාගම නැවතත් සිය ඉන්ධන ගාස්තු ඉහල නැංවීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට ලෝක වෙළඳපලේ ඉන්ධන මිල නැවතත් ඉහල යාම හේතුවෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඉදිරියේදී නැවතත් මිල වැඩි කිරීමක් වෙතට යොමු විය හැකි බවටද වාර්තා වෙයි.

ලෝක වෙළඳපලේ වැඩිම ඉන්ධන මිල මේවන විට වාර්තා වී ඇති අතර එය පසුගිය වසර 7කට සාපේක්ෂව ඉහළම අගව අද (14) වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුවී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින උණුසුම්කාරි තත්වය බවද එම මාධ්‍ය වාර්තාවෙහි සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img