Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ශ්‍රී ලංකාවේ පලමු ගුවන් හමුදාපති දිවි සැරිය නිම කරයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු  ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ   එයාර් චීෆ් මාෂල්  පත්මන්   හරිප්‍රසාද්   මෙන්ඩිස්  (පැඩී මෙන්ඩිස්)  (89) මහතා අද  (18)  අභාවප්‍රාප්ත විය.

1951   වසරේ  අගෝස්තු මස   08 වැනි දින   රාජකීය ලංකා   ගුවන්  හමුදාවේ    පස්වන   ආධුනික නිලධාරියා වශයෙන් ඒ මහතා රාජකීය ගුවන් හමුදාවට එක්ව ඇත.

මුලික පුහුණුව  හා   ගුවන් නියමු උපදේශන පුහුණුව  බ්‍රිතාන්‍යයේ දී  හදාරා ඇති ඒ මහතා එවකට  බලපන්ති ලුතිනන් නිළයේ සිට සුදුසුකම් ලත් පියාසර උපදේශකයකු වශයෙන්  පුහුණුව ලැබු ප්‍රථම    ශ්‍රි ලංකාකික යාද විය.

ගුවන් හමුදාව්   දක්ෂ නිලධාරියෙක් වශයෙන් විවිධ නිළ තල හොබවමින්   1971. ජනවාරි මස 01 වැනි දින    රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත්ව ඇති අතර,  ඒ මහතා   රාජකීය    ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තිය ජීවිතය ආරම්භ කළ  එම ගුවන් හමුදාවේම ගුවන් හමුදාපතිවරයා   වශයෙන්   පත් වු   පළමු ශ්‍රි ලංකිකයාද වන  වේ.

වර්ෂ 1972  දී ශ්‍රි ලංකා  ජනරජයක් වීමත්  සමග ම  රාජකීය  ගුවන් හමුදා ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත් වීමත් සමගම ඒ මහතා ගුවන්  හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වශයෙන් ඉතිහාස ගත විය.

(පැඩී මෙන්ඩිස්) මහතාගේ දේහය  මහජන ගෞරවය සදහා ගල්කිස්ස පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර  අවසන් කටයුතු  හෙට (19)   පස්වරු 2.00 ට    ගුවන් හමුදා   ගෞරව සහිතව ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img