පයාගල මුහුදු වෙරළ ආසන්නයේ නවතා තිබූ ධීවර බෝට්ටුවක් අද (10) අළුයම ගිනිගෙන විනාශ වී ඇතැයි පයාගල පොලීසිය සඳහන් කරයි.
පයාගල පොලීසිය වෙත අදාල බෝට්ටු හිමිකරුවා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මේ පිලිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පයාගල පොලිසියේ සථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියි.
දකුණු පයාගල ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ ඇති පොල්ගසක ලණුවක් ආධාරයෙන් ගැට ගසා තිබූ බවත් තමන් අද උදෑසන බෝට්ටුව වෙත යාමේදී එය ගිණිගනිමින් තිබෙනු දක්නට ලැබුණු බවත් හිමිකරුවා විසින් පොලීසියට පවසා තිබේ.
පයාගල පොලීසිය විසින් මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.