Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පානදුර රෝහලේ ගිලන් රථ සහයකයාද අත්අඩංගුවට

janamaga-panadura-kethumathi-hospital

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වන පානදුර සලිඳු නැමැත්තාගේ මත්කුඩු ප්‍රවාහනය කල බව කියන පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරාට අමතරව එහි සහයකයාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අදාල රිය සහයකයා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහය දක්වා ඇති බවත් ඒ සඳහා වරින් වර ඔහුට මුදල් ගෙවා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 27 වැනි දින පරීක්ෂණ කටයුත්තක් සඳහා ගැබිනි කාන්තාවක් රැගෙන කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල කරා පැමිණි ගිලන් රථයක් වෙත යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් එම ගිලන් රථය හරස් කර එම රථයට වෙඩ් තබා තිබුණි.

කෙසේ නමුත් එම අවස්ථාවේදී එම ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගිලන් රථ රියදුරා බේරී ඇති අතර පසුව පොලීසිය විසින් සිදුකල විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ගිලන් රථ රියදුරා පානදුර සලිඳු නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන චරිතයක් වී පසුව පොලීසියට ඔත්තු ලබා දීම මෙම වෙඩි ප්‍රහාරයට හේතු වී ඇතැයිද පොලීසිය ප්‍රකාශ කරයි.

රඳවා ගැනීමේ නියෝග මත සැකකාර ගිලන් රථ රියදුරාගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් වසර දෙකක් පුරාවට මෙම මත්කුඩු ප්‍රවාහනය කර ඇති බවත් මීට අමතරව තණමල්විල සිට ගංජා මත්ද්‍රව්‍යද ප්‍රවාහනය කර ඇතැයිද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම ගිලන් රථ රියදුරා සහ රිය සහයකයා මෙන්ම තවත් සුළු සේවකයන් කිහිප දෙනෙකුම මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරියේදි එම පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img