ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් යොමු කල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගෙන ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ බව නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නොමැති අතර ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කලේද නැතිද යන්න පිලිබඳවත් මෙතෙක් කිසිවක් නිවේදනය කිරීමටද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පියවර ගෙන තිබීම ද විශේෂත්වයකි.
අදල ජනාධිපති ලේකම් තනතුරින් පී.බී ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන තනතුර සඳහා ගාමිණි සෙනතරත් පත්කිරීමට නියමිත බවද වාර්තා වන අතර මේ වන විට ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබයි.
ගාමිණි සෙනරත් යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කල අයෙකු වන අතරම ඔහු රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකි.