Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

40 හැවිරිදි පුද්ගලයෙකු වෙනුවෙන් කාන්තාවන් දෙදෙනෙක් ගෙල වැළලා ගනියි

piliyandala-women-suicide

වයස අවුරුදු 40ක පුද්ගලයෙකුට ආදරය කරමින් කාන්තාවන් දෙදෙනකේ එකම දින ගෙල වැළලා ගැනීමේ සිද්ධියක් පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙසේ ගෙල වැළලා ගැනීමෙන් අනතුරුව එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වන කාන්තාවක් වන අතර තුවාල ලැබූ කාන්තාව 32 හැවිරිදි කාන්තාවක් වන අතර ඔවුන් දෙදෙනාම පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් බවද සඳහන්.

මියගිය කාන්තාවගේ සැමියා මින් වසර 15කට පෙර මිය යාමෙන් අනතුරුව එයින් මාස කිහිපයකට පසු එවකට අවුරුදු 25ක් වයසැති තරුණයෙකු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර අදාල කාන්තාව සිය තරුණයා තමා වෙත නතු කර ගැනීම සඳහා ඇය සතුව තිබූ සිය සුඛෝපභෝගී නිවස සහ සියලුම දේපල අදාල තරුණයාගේ නමට ලිවීමටද කටයුතු කර ඇත.

එහෙත් මින් පෙර දින කිහිපයකට පෙර අදාල කාන්තාවට දැනගන්නට ලැබී ඇත්තේ මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා තමාද රවටා පිලිවන්දල ප්‍රදේශයේම තරුණියක හා විවාහ වී ඇති බවයි.

මේ පිලිබඳ සෙවීම සඳහා අදාල 60 හැවිරිදි කාන්තාව විසින් අදාල තරුණියගේ නිවස වෙත ගොස් ඇති අතර එහිදී මේ බව ඇයට අනාවරණය වී ඇත. පසුව ඇය සිය නිවස වෙත පැමිණ නිවසේ සේවයේ නියුතු මෙහෙකාරිය වෙළඳසැලක් වෙත යවා සිය නිවසේ කාමරයක එල්ලී සිය දිවි නසා ගැනීමට පළමුව උත්සාහ ගෙන ඇතැයිද සඳහන්.

එය ව්‍යර්ථ වීමෙන් පසු ඇය සාලයට පැමිණ එහි තිබූ විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන ඇතැයි ස්ථාන පරීක්ෂණයේදී සොයාගැනීමට හැකිව ඇත.

එමෙන්ම තමා විවාහ වී ඇත්තේ වසර ගණනාවක් 60 හැවිරිදි කාන්තාවක් සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු සමග බව අදාල කාන්තාවගෙන්ම දැනගැනීමෙන් අනතුරුව සිත් තැවුලට පත් අදාල 32 හැවිරිදි කාන්තාවද සිය නිවස තුල ගෙල වැළලාගෙන ඇත.

එහිදි ඇය ඉන් බේරී ඇතත් මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img