කොල්ලුපිටිය පිහිටි හෝටලයක් තුල ජර්මන් ජාතික කාන්තාවක් මත්කර දූශණය කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.
කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරනුයේ එම සිද්ධියට මුහුණ දී ඇත්තේ 32 හැවිරිදි තරුණියක බවයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 28ක ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල ව්‍යාපාරික තරුණයා 06ක පමණ කාලයක සිට අදාල ජර්මන් ජාතික තරුණියකගේ මිතුරෙකු බවත් ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයෙකු සේම හිටපු නාවික නිලධාරියෙකු වන අතර මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් වාර්තා වෙයි.
පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනි දින මෙරටට පැමිණ ඇති ඇය තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසක නැවති සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයකද නිරත වී තිබේ.
එමෙන්ම පසුගිය 06 වැනි දින ඇය මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර තරුණිය අදාල ව්‍යාපාරිකයා සමග ඉකුත් 4 වැනි දින කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ඇත.
එදින රාත්‍රි සමාජ ශාලාවකට ගොස් පසුදින අලුයම වනතෙක් එහි රැඳි සිටිමින් දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙහිදි තරුණියගේ ක්‍රෙඩිට් කාඩ්පත එම අවස්ථාවේදි අස්ථානගතවී ඇති අතර එහිදි දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව තිබේ.
මෙහිදි තරුණිය පමණක් ත්‍රීරෝද රථයකින් ඇය නැවතී සිටි කොල්ලුපිටිය හෝටලයට පැමිණ ඇති අතර එහිදීද ඇය මත්පැන් පානය කර ඇති බවත් එම අවස්ථාවේදී හෝ රාත්‍රි සමාජ ශාලාවේදි මත්වීමට යමක් දෙන්නට ඇති බව තරුණිය විසින් පොලීසියට පවසා ඇත.
තමන් නැවතී සිටි හෝටලයේදී නින්දෙන් අවදි වන විට තමාව දූශණය කර ඇති බව අනාවරණය වීමෙන් ඒ සම්බන්ධව සොයාගත් සාක්ෂි මත ඇය පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ගොණු කර ඇති බවද සඳහන්.