ඩොලර් හිඟය හේතුවෙන් ඉදිරියේදී ගල් අඟුරු ආනයන සීමාවීමේ දැඩි අවධානමක් මතුව ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල් අඟුරු ආනයනට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චොල බලාගාරයේ ජනන කටයුතු බිඳවැටනෙ බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
එමෙන්ම ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශයට දැනුම්දී ඇතැයි ද සඳහන්.
දහවල් කාලයේදී පැය දෙකක කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් ඇති පස්වරු 6 සිට 9 අතර කාලයේදී පැය භාගයක් පමණ කාලයක් වශයෙන් මෙසේ විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයිද බලාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.