LNG ගිවිසුම විශාල පොතක් වැනි දෙයක් බවත් එය අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන හෙයින් තමන් එය නොබැලු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
“ඒක ලොකු පොතක් වගේ එකක් ඒක අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා. ඇත්තටම මම ඒක බැලුවේ නෑ. හැබැයි ඒකේ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කලා. ඒ අනුව කැබිනට් එකේදි ඒ පිලිබඳව සාකච්චා කරනවා කියලා තමා කියුවේ.
ඒ වගේම අදාල ගිවිසුමේ සමහර කෙටුම්පත් පවා පක්ෂ නායකයින්ට දුන්නා සාකච්ඡා කරලා කතා කරලා ඒ ගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතිං ඒ කාලසීමාව තමයි මේ තියන්නේ. කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. වඩාත් නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි.”