ව්‍යාජ තොරතුරු සපයමින් විවාහක රෑ රැජින කිරුළ දිනාගත් පුශ්පිකාද සිල්වාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් චන්දිමාල් ජයසිංහට ලැබි ඇති බලතල අනුව එම කිරුළ ඇයගෙන් ඉවත් කිරීමට පසුගියදා චන්දිමාල් විසින් පියවර ගනු ලැබුවා.
දැන් මේ සිදුවීම මේ වනවිට නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති පසුබිමක පුශ්පිකා ද සිල්වා විසින් තමන්ගේ කිරුළ ගැලවීම සම්බන්ධයෙන් සිය හඬ අවදි කරනු ලැබුවා එහිදි ඇය සඳහන් කරනුයේ කිරුළක් ගලවන්න තමන්ට කිරුළක් ලැබී නොමැති බවත් ජයග්‍රහණය ආපසු හරවන්නට චන්දිමාල්ට බලයක් නොමැති බවයි.
කෝ කිරුළක් ගලවන්න කිරුළක් මට නෑනේ. මම ඒ ගොල්ලන්ගෙන් අහනවා කිරුළක් ගලවන්න කලින් කිරුළක් කෝ කියලා.
මගේන් කිරුළ අයින් කරන්න ගත්ත හේතුව ඇත්තටම මමවත් දන්නේ නෑ. අනික ඒ ගොල්ලන්ට එහෙම තීන්දුවක් ගන්නත් බෑ. මොකද ඒ ගොල්ලෝ මට එවලා තියන Letter of demand වලට මම තාම රිපලයි කලේ වත් නෑ. Judgement එකකින් දුන්න තීන්දු තීරණයක් තනි පුද්ගලයෙකුට එහෙම වෙන් කරන්න බැහැ.
මට කියන්න තියන්නේ පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නෑ. මම ඉතාම ඉක්මනින් නොබෝ කලකින්ම මේකට උත්තරයක් දෙන්නම්.