ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු සිදුවූ බව තමන් පිලිගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කරයි.
සීනිගම දේවාලයේ පැවැති නැවුම් කුරුදු මංගල්‍යයට සහභාගීවෙමින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
රජයක් ලෙස ගෑස් සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවූ බව නිහතමානීව පිලිගැනීමට අවශ්‍ය බවත් ගෑස් පරිභෝජව සම්බන්ධයෙන් නීති පද්ධතියේද ගැටළු ඇතිව තිබූ බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඉදිරියේදී පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින අතරම ඒ සඳහා නව නීති පද්ධතියක් සැකසෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.