මංගල සමරවීර යනු රට වෙනුවෙන් නීර්භීතව තම තීන්දු තීරණ ගත් පුද්ගලයෙකු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අද (11) නෑසී ගිය හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් පැවැත්වෙන ශෝකය ප්‍රකාශ කිරීම් යෝජනාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පැවසීය.
කොරාණා අවධියේ වුවද ඔහු තමන් වෙත ඇමතුමක් ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිතවරියක මෙන්ම ඇමරිකානු කාර්යාංශයේ ප්‍රධානියා වන සමන්තා පවර් අමතා මෙරටට එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටි බවත් ඔහු රට වෙනුවෙන් නිවැරදි තීරණ ගත් අයෙකු බවත් හිටපු අගමැතිවරයා සඳහන් කරයි.
එසේම මංගල සමරවීර විසින් හිටපු ජනාධිපතිවරියක වන චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම සුදු නෙළුම් ව්‍යාපාරය වෙතට තමන්ගේ සහයෝගය ලබා දුන් අයෙකු වන බවත් විශේෂයෙන්ම ටෙලිකොම් ආයතනය ඇති කිරීම සහ එය ප්‍රතිව්‍යුහ ගත කිරීම මෙන්ම කොළඹ වරායේ දකුණු පර්යන්තය ඇති කිරීමට කොතෙකුත් බාධා විරෝධතාවයන් පැමිණියද නීර්භීතව තම තීරණය ගනු ලැබු අයෙකු ලෙසද තමන් මංගල සමරවීරව දකින බවද හිටපු අගමැතිවරයා සඳහන් කරයි.
එමෙන්ම තම රජය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙසද නිවැරදි මෙන්ම නීර්භීත තීන්දු තීරණ රාශියක් ගනු ලැබූ අයෙකු බවත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව වුවද කෙටි කාලයක් තුල ආර්ථිකය නැංවීමට ඔහු සුවිශේෂි කාර්යභාරයක් සිදුකල අයෙකු බවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
එමෙන්ම මංගල සමරවීර විසින් ඉදිරිපත් කල මිල සූත්‍රය වර්ථමානය වන විටද ක්‍රියාත්මක වූයේනම් මේ වනවිට මුහුණ දෙන ඉන්ධන මිල පිලිබඳ ප්‍රශ්නය මෙතරම් දරුණු තත්ත්වයකට නොයන බවද ඔහු පැවසීය.