එළැඹෙන 2022 වසරේ අප්‍රේල් මාසය වන විට මෙරට ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අස්වනු ප්‍රමාණය සියයට හැටක ප්‍රතිශතයකින් අඩුවීම තුල සිංහල අලුත් අවුරුදු සමය වන විට රට තුල ආහාර අර්බුදයක් පැමිණ ජනතාව අතර පිපිරීමක් ඇතිවිය හැකි බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“ඩොලර් හිඟය බරපතල තත්ත්වයකට පත්වෙලා තියන්නේ. ඒ බර ජනතාවට ඉසිලිය නොහැකි මට්ටමට දැන් ඇවිල්ලා තියන්නේ.
විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා, රැකියා නැතිවෙනවා, මැද පන්තිය පිරිහෙනවා, වගේම ගොවීන් අතරමං වෙලා තියන්නේ. මේවාට වහාම විසඳුම් උවමනායි.
කොවිඩ් 19 වසංගතය තිබුනත් රටවල් ගණනාවක් 2021 වර්ශයේදී ආර්ථික ප්‍රගතියක් පෙන්නලා තියනවා. අපිත් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබා ගන්න එහෙමත් නැත්නම් ඊට පිලිගත හැකි විලක්පයක් ඉදිරිපත් කරන්න. නමුත් ඒ දෙකම මේ වනවිට සිදුවෙලා නෑ.
අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. ඊට අමතරව තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. ඒක තමයි මේ රටේ ඇතිවෙන්න යන ආහාර හිඟය. හැම ආරංචියක් අනුවම ඇත්ත වශයෙන්ම සිංහල අලුත් අවුරුදු කාලයට රටේ ආහාර හිඟයක් ඇතිවෙනවා. බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙන්නේ මෙවර අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60 ෴ක ප්‍රමාණයක් කියලා.
දැන් මෙහෙම තත්ත්වයක් ඇති වුනොත් අපිට මුහුණ දෙන්න තියන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝපවුන ජනතාව අතර පිපිරීමක් ඇතිවෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. ඒ නිසා මේක වලක්වා ගනන්න වුවමනයි රට දියුණු කරන්න නම්.
දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ සමග ඉන්දියාව සමග ඇතුල් වීමට නියමිත ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. ණය ගැනීමෙන් වත් බඩු භාන්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ.
නමුත් තාවකාලික සහනයක් ගන්න හරි ණයට තෙල් ගන්න වගේම ණයට ආහාර ගන්න වැඩසටහන ක්‍රියාත්ම කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම්දෙනවා.”