රාජ්‍ය ණය හා ණය සේවා පිලිබඳ වාර්ථාවක් සෑම මසකම පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“මම ඉල්ලීමක් කරන්න කැමතියි මුදල් පිලිබඳ කාරක සභාවෙන් හැම මාසෙම පාර්ලිමේන්තුව රැස්වෙන පලවෙනි සතියේ රාජ්‍ය ණය හා ණය සේවා පිලිබඳ වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. ඒ ඉල්ලීම කලහම අපිට පුලුවන් ඒ ගැන සාකච්ඡා කරන්න මොකද විශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන.
මේ වෙනකොට කතාවක් යනවා මේ වෙනකොට තියන විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනයකට වඩා අඩුයි කියලා මම දන්නේ නෑ මේක හරිද වැරදිද කියලා. මේක අඩුම මාසෙකට සැරයක් කරනවානම් රටේ මූළ්‍ය ස්ථාවරත්වයක් ඇතිවෙනවා. ඉතිං මම ඉල්ලීමක් කරනවා රාජ්‍ය ගිණුම් කාරක සභාවට මේ වාර්ථාව දෙන්න කියලා”