Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ආරක්ෂක මණ්ඩල රැස්වීමට තමාත් අගමැතිත් කැඳවීමට අකමැති යැයි මෛත්‍රි කියුවා – රුවන් විජයවර්ධන

janamaga-ruwan-wijayawardana

ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට 2018 දෙසැම්බර් මස 20 වැනි දිනෙන් පසු තමාත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහත් කැඳවූයේ නැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඊයේ (14) ත්‍රිපුත්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවසා ඇත.

පාස්ක්‍ර ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් හිටපු ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

මේ පිලිබඳව විමසූ විට ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා තමාවත් රනිල් වික්‍රමසිංහ මහතාත් කැඳවීමට අකමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසූ බව හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු තමාට දැනුම්දුන්නේ යැයිද රුවන් විජවර්ධන පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර වැනි ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරක් තමන්ට නොලැබුනු බවත් එම කාලයේ තමන්ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කිරීමට පව අවස්ථාවක් නොලැබු බවද ඔහු පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවත් එම සිද්ධිය වන අවස්ථාවේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක නොවූ නිසා හමුදාව කැඳවීමේ බලයද ජනාධිපතිවරයාට පැවරී තිබු බවත් එම බලය අන් කිසිවෙකුටත් නොතිබු බවද ඔහු එහිදි පවසා ඇත.

එමෙන්ම එම කාලයේදී තමන්ට බුද්ධි නිලධාරීන් තොරතුරු ලබාදීමද සිදුනොකල බවත් කිසිම දිනෙක හිටපු ජනාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට පවා නොහැකි වූ බව සඳහන් කරන හිටපු අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක මණ්ඩල රැස්වීමේදි එහි පැමිණි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනගෙන් මෙම තොරතුර තමන්ට නොපැසුවේ මන්ද යන්න විමසූ විට ඔහු ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බවද පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img