සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වැනිදා සිට නැවතත් වසා තැබීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.
මුදලට බොරතෙල් ලබා ගැනීමේ හැකියාවක් නැතත් ණයට බොරතෙල් ලබා ගැනීමට උත්සාහ කරන බවත් කී ඇමතිවරයා ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන ඉන්ධන වර්ගය ලබා ගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත් විලකල්ප තෙල් ලබා ගැනීමට උත්සාහ කරන බවත් එසේ ලබා ගැනීමට නොහැකි වුවහොත් සපුගස්කන්ද පිරිපහදුව එලැඹෙන වසරේ ජනවාරි 03 වැනිදා සිට දින 20ක කාලයක් වසා දැමීමට සිදුවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ජනවාරි 23 වැනි දිනෙන් පසු අඛන්ඩව බොරතෙල් ලැබීමට හැකියාවක් ඇති නිසාවෙන් ඉන්ධන හිඟයක් ඇති නොවීමට ඉඩ ඇතැයිද ඔහු පැවසීය.
ඉන්දන ආනයනය සඳහා මාසිකව කෝටි 36ක් අවශ්‍ය වන බවත් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් සොයා ගැනීමට අපහසු බවත් ඔහු එහිදි සඳහන් කලේය.
එමෙන්ම ස්වාධීන විදුලි නිශ්පාදන සමාගම් විසින් රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 65ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයිද සඳහන් කරන අමාත්‍යවරයා ඩොලර් සොයා දෙන ලෙස එම සමාගම් දෙකටද මේ වන විටත් දැනුම්දී ඇතැයිද ඔහු සඳහන් කලේය.