සපුගස්කන්ද ඉන්ධන පිිරිපහදුව යලි වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයිද සඳහන්.
ඒ අනුව එලැඹෙන ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නමුත් මේ හේතුවෙන් රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බවද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රටේ ප්‍රෙටල් අවශ්‍යතාවයෙන් 14෴ක් සහ ඩීසල් 29෴ක් පමණක් බවත් අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කරයි.
බොරතෙල් මිලදීගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිත වන මර්බන් වර්ගයේ බොරතෙල් මිලදී ගැනීමේදී දින 90ට පෙර අදාළ සමාගමට දැනුම්දිය යුතුය.
එමෙන්ම හදිසි මිලදීගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීමද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වූ බව බලශක්ති අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනම් බොර තෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.