Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දෙහිවල සත්වෝද්‍යානයට ශර්මිලා නැවත වැඩ බාර ගනිද්දි ආපසු නිවාඩු යැවීමට කුමන්ත්‍රණකරුන්ගෙන් උත්සාහයක්

janamaga-sharmila-rajapaksha

සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩූ ලබා සිටි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ අද (14) වන දින නැවත සිය රාජකාරි කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය කාලයේ සත්වෝද්‍යානය තුල විවිධ වංචා සහ දූශණ පැවැති බවට මාධ්‍ය වාර්තා නිකුත් වනවිට ශර්මිලා රාජපක්ෂ විසින් එම වංචා දූශණ සහ අක්‍රමිකතා පිලිබඳ සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදුකර උත්සාහ කර ඇතත් මීට උරණ වී ඇති දූෂිත සේවකයන් සහ ඇතැම් බලධාරීන් අමාත්‍යාංශය නිලධාරීන් පවා නොමග යවමින් තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් එහි සේවකයන් පිරිසක් සඳහන් කර සිටියි.

මේ වන විටත් සියලු කටයුතූ පිළිබඳව විමර්ශන කටයුතු සඳහා මණ්ඩලයක් අමාත්‍යාංශය මට්ටමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇතත් එම තීරණ වලටත් ඉහලින් දූෂීතයින් ආරක්ෂා කර ගැනීමට සහාය දක්වන නිලධාරීන් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රාජකාරි ආරම්භ කල මෙම අධ්‍යක්ෂවරිය තවත් කාලයක් නිවාඩුපිට යවා වෙනත් අධ්‍යක්ෂවරියක් පත්කර ගැනීමේ සියුම් කුමන්ත්‍රණයක්ද ඉහල මට්ටමින් දියත්වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img