රට සියයට සියයක් කාබනික වගාවට රැගෙන යාමට රජයට තනිය කල හැකි ක්‍රියාවක් නොවන බව හොඳින් වැටහී ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කරයි.
ගොවිජන සේවා පර්යේෂණායතනේදී ඊයේ (10) පැවැති වැඩසටහනකි ඔහු මේ බව පැවසීය.
කෙසේ නමුත් ඉදිරි යල කන්නයට මුහුණ දීමේදි කාබනික වගාව සාර්ථක කර ගැනීමට රජය විශාල උත්සාහයක් දරන බවත් ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන මෙන්ම පෞද්ගලික ආයතන සහ රජයේ මේ හා සම්බන්ද ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවත් සම්බන්ද කරගෙන කටයුතු කරගෙන යන බවද ඔහු පැවසීය.