Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ආණ්ඩුවේ සුළු පක්ෂවල සෙල්ලම අදින් ඉවරයි – ශෙහාන්

janamaga-shehan_semasingha

පසුගිය කාලය පුරාවට ආණ්ඩුව තුල හිඳිමින් පොදුජන පෙරමුණ සහ ආණ්ඩුව විවේචනය කල සුළු පක්ෂ වලට මින් ඉදිරියට කටයුතු කල නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

පොදුජන පෙරමුණ තනි පක්ෂයක් වශයෙන් සිය අනන්‍යතාව වෙනුවෙන් අද සිට (09) නව ගමනක් ආරම්භ කරන බවත් මේ හේතුවෙන් කුඩා පක්ෂ වල දුර්මත පලකිරීම් අදින් අවසන් වනු බවත් ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා සඳහන් කරනුයේ රජය තුල හිඳිමින් සන්ධානයේ සියළු දේශපාලන පක්ෂ තම තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් තම තමන්ගේ සමුළු හා මහජන හමුවීම් පවත්වන බවත් මේ සඳහා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු බාධාවක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දිනවල විවිධ සමුළු පැවැත්වූ බවත් එම අරමුණු බැලූ බැල්මට ඔවුන් දිගින් දිගටම රජය විවේචනය කිරීමට විරුද්ධ පක්ෂයට වේදිකාවක් තනා දුන් බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක අවශ්‍යතාව පවතින බවත් ඒ සඳහා අනුරාධපුර සල්ගාදු පිටියේ අද (09) පස්වරු 2.00ට පලමු රැලිය පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම මෙම රැලිය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද සහභාගී වන බවත් මෙය පොදුජන පෙරමුණට හොඳ ආරම්භයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img