Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ තීන්දු වූ වැඩිම දික්කසාද වන්දිය

janamaga-sheik-mohammed-bin-rashid-al-maktoum

බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම වන්දිය ලැබූ දික්කසාද නඩුව බවට ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බිල් අල් මක්තුම්ගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාදය නඩුව බවට පත්ව තිබේ.

ඒ අනුව එම දික්කසාද වන්දි ලෙස පවුම් මිලියන 500කට අධික මුදලක් ඩුබායි පාලකයා විසින් සිය බිරිඳට ගෙවීමට සිදුවී ඇත.

ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් මින් රෂීඩ් අල් මක්තුම්ගේ බිරින්දෑවරු හයදෙනාගෙන් ළාබාලතම වියේ පසුවූ මේ වන විට 47 හැවිරිදි හයා බින්ට් අල් හුසේන් කුමරිය විසින් අදාල දික්කසාද නඩුව ඉදිරිපත් කර තිබුණි.

ඇය ජෝර්දානයේ හිටපු රඩු හුසේන්ගේ දියණියක් වන අතර ඇය 2004 වසරේදී මක්තුම් හා විවාහ වූ අතර 2019දී එම විවාහය අවසන් විය. එමෙන්ම එම විවායයෙන් එම යුවළට දරුවන් දෙදෙනෙක්ද සිටිති.

2009 අප්‍රේල් මාසයේදී සැමියාට බියෙන් සිය දරුවන් දෙදෙනා සමග බ්‍රිතාන්‍යට පඵා ආ හයා කුමරිය මක්තුම්ට එරෙහිව ලන්ඩන් අධිකරණයක දික්කසාද නඩුවක් ගොනු කළාය.

එම දික්කසාදය නිරවුල් කිරීම සඳහා ඩුබායි පාලකයා හයා කුමරිය හා දරුවන් දෙදෙනාට පවුම් මිලියන 550ක මුදලක් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම එම මුදලින් වැඩි ප්‍රමාණයක් යෙදවෙන්නේ ඩුබායි පාලකයා හයා කුමරියට හා දරුවන් දෙදෙනාට එල්ල කර ඇති බරපතළ තර්ජනයෙන් මිදීමට බව විනිසුරු ෆිලිප් මුවර් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img