ප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිට එරෙහිව අසභ්‍ය ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනාවෙන් ඇයව නිදහස් කිරීමට ඉන්දීය අධිකරණය විසින් නියෝග කර තිබේ.
2007 වසරේදී ඇමරිකානු නළුවෙක් වන රිචර්ඩ් විසින් ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී ශිල්පා ෂෙට්ටිව වේදිකාව මතදී සිපගෙන තිබුණි.
රිචර්ඩ් පවසා තිබුනේ සිප ගැනීමෙන් ඒඩ්ස් නොසෑදෙන බව පෙන්වීම සඳහා තමා ශිල්පා ෂෙට්ටිව සිපගත් බවයි. නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද පසුව ඔහු පවසා තිබේ.
එම සිදුවීමෙන් අනතුරුව හින්දු මතදාරීන් විරෝධතා පැවැත්වූ අතර එම මතධාරීන් හැඳින්වුයේ එය ඉන්දීය ආචාර්යධර්මවලට කළ අපහාසයක් බවයි.
එසේම එම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය පොලීසිය විසින් ඇමරිකානු නළුවාට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකණය විසින් ඉවත දමනු ලැබීය.
එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම නඩුව ලාභ ප්‍රසිද්ධියක් තකා ගොනු කර ඇති බැවින් නඩුව ප්‍රතික්ෂේප කරන බවයි.
කෙස් නමුත් ශිල්පා ශෙට්ටිගේ මෙම සිප ගැනීමේ නඩුව වසර 15ක් පුරා ඇදි ගිය අතර අවසානයේදී මුම්බායි අධිකරණය විසින් ඇයව නිදහස් කර තිබේ.