Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොටි වළ දැමූ රත්රන් සෙවූ 6ක් අත්අඩංගුවට

janamaga_arrested

එල්.ටී.ටී සංවිධානය විසින් සඟවා තිබෙන රත්රන් සෙවීම සඳහා භූගත වස්තූන් නිරීක්ෂණය කරන ස්කෑනර් යන්ත්‍රයක් යොදා පරික්ෂා කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

යුධ හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව පොලීසිය හා එක්ව සිදුකල වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් සතුව තිබී නවීන ස්කෑනර් යන්ත්‍රයක් සහ වෑන් රථයක් මෙන්ම යතුරුපැදියක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් සිව් දෙනෙකු මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බවත් අනාවරණව වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

යුද සමයේ පලායන ත්‍රස්තවාදීන් අදාල ස්ථානයේ රත්රන් වළදමා ඇති බවට හිටපු එල්.ටී.ටී සාමාජිකයෙකු ලබා දුන් තොරතුරු මත භුගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් ආධාරයෙන් අදාල ස්ථානය පරික්ෂා කිරීමට සූදානම්ව සිිටි බවට පොලීසියට තොරතුරු අනාවනරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර, දිගන සහ යාපනය ප්‍රදේශයන් හී පදිංචි අවුරුදු 30-40ත් අතර වයස් වල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img