මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ 2022 ඇය වැය යෝජනාවලිය පැවති ඊයේ (15) දිනයේදී එම සභාව දැඩි උණුසුම්කාරි තත්වයක් මධ්‍යයේ පැවති අතර අය වැය ඡන්ද විමසීමේදි අය වැය පරාජය වී ඇතැයි වාර්තා වෙයි.
මෙහිදි සභාපතිවරයා විසින් විපක්ෂය නියෝජනය කරමින් එහි විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ වසන්ත රණතුංග බෙදීමකට අවසර ඉල්ලා ඇතත් එහිදි සභාපතිවරයා එයට අවධානය යොමු නොකරමින් සභාවෙන් පිටව ගොස් ඇති අතර පසුව සභාවේ වැඩ අවසන් කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් සහ සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ එක්ව උප සභාපතිවරයාට බලය පවරා ඇත.
ඒ අනුව උප සභාපතිවරයා විසින් නිල වශයෙන් මැදවච්චිය සභාවේ 2022 අය වැය පරාජ වූ බව ප්‍රකාශ කළ අතර සභාපතිවරයාට මින් ඉදිරියේ සභාවේ කටයුතු සිදු කිරීමට අවසර නොමැති බව ප්‍රකාශ කර ඇත.
මැදවච්චිය ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රී වරුන් 09 දෙනෙක්,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී වරුන් 06 දෙනෙකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී වරුන් 03 දෙනෙකුත්, මුස්ලින් ක්‍රොන්ග්‍රසය , ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන පක්ෂ වලින් එක් මන්ත්‍රී වරයෙකු බැගින් සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර අය වැය විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සභාවේ සිටි මන්ත්‍රීවරුන් 02 දෙනෙකු සහ මන්ත්‍රී වරියක් ඊයේ දින සභාවට නොපැමිණි බවද සඳහන්.