ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල්ට කෝවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් රෆායල් මේ බව සඳහන් කර ඇත.
රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගී වී සිය රටට පසුගියදා නැවත පැමිණි අතර එහිදි ඔහු PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම පරීක්ෂණයෙන් තමන් කෝව්ඩ් ආසාදිතයෙකු බවට හඳුනාගත් බවත් ඔහු සිය පණිවිඩයේ සඳහන් කර ඇත.
ඒ අනුව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් කොවිඩ් ආසාදිතයෙකු බවත් ඔහුගේ සමීපතමයන් මේ පණිවුඩය හරහා දැනුවත් කර සිටින බවත් සඳහන් කර තිබුණි.
රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයේදී බ්‍රිතානයේ ඇන්ඩි මරේ හමුවේ පරාජයට පත් විය.