ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය හා ඔස්ට්‍රේලියාවේ සහභාගිත්වයෙන් වාර්ෂිකව සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සඳහා යෝජනාවක් අයි.සී.සී.ය වෙත ඉදිරිපත් කිරීමට පාකිස්තානය සූදානමින් සිටියි.
මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජාගේ පවසන්නේ, විස්සයි20 ආකෘතියෙන් මෙම තරගාවලිය පැවැත්වීමට අවධානය යොමුව තිබෙන බවයි. මේ සඳහා යෝජනාවක් ඉදිරි ජගත් ක්‍රිකට් කවුන්සල (අයි.සී.සී) රැස්වීමේදී ඉදිරිපත් කිරීමට හෙතෙම බලාපොරොත්තු වෙයි.
මෙම තරගාවලියට ඔවුන්ගේ ප්‍රධානම එදිරිවාදියා වන ඉන්දියාව තෝරාගෙන තිබීම සුවිශේෂී වෙයි. කෙසේ නමුත් මෙම යෝජනාවට ඉන්දියාව මේ දක්වා සිය ස්ථාවරය සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා නොමැත.