ගම සමග පිලිසඳර වැඩසටහනට ජනාධිපතිවරයා දුන් උපදෙස් නිලධාරීන් ක්‍රියාත්මක කර නැතැයි මීමුරෙ වැසියන් විසින් යූටියුබ් නාලිකාවකට අදහස් දැක්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය එම ගම්වැසියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.
අදාල නාලිකාව සමග අදහස් බෙදාගැනීමත් සමග එය නැරඹූ මහනුවර දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ඒ සම්බන්ධව උරණ වී උඩුදුම්බර පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයිද ඒ අනුව අදාල ගම් වැසියන් පොලීසියට කැඳවා ප්‍රකාශක් සටහන් කර ගෙන ඇතැයිද වාර්තා වෙයි.