Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අලෙවි හිමිකරු ප්‍රාණ ඇපයට තබා ගනිමින් පුද්ගලයෙකු බලෙන් ටයිල් ගෙන්වලා

janamaga-tile-arrested

ටයිල් අලෙවිසලක හිමිකරුවෙකු සිය නිවෙසේ ප්‍රාණ ඇපයට තබා ගනිමින් සේවකයන් ලවා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් ටයිල් කැට 140ක් නිවෙසට ගෙන්වාගෙන පසුව වෙලඳසැල් හිමිකරුවා නිදහස් කර ඇතැයි කියන සිද්ධියක්  කෑගල්ල නගරයෙන් වාර්තා වෙයි.

අදාල පුද්ගලයා විසින් මීට වසර තුනකට පෙර කෑගල්ල ප්‍රදේශයේ ටයිල් අලෙවි සැලකින් නිවසට අවශ්‍ය මුලු ටයිල් කැට ප්‍රමාණයම මිලට ගෙන අතුරා ඇති අතර පසුගිය දිනක යමක් වැටී එම ටයිල් කැට දෙකක් කැඩී ගොස් ඇත.

එහිදි අදාල පුද්ගලයා විසින් මීට පෙර ටයිල් මිලදී ගත් වෙලඳ සැලට ගොස් එහි හිමිකරුට දන්වා ඇත්තේ ටයිල් කැට දෙකක් නිවසේ කැඩී ඇති බවත් වහාම එම කැට දෙකක් ලබා දෙන ලෙසය. පසුව අදාල වෙලඳසැල් හිමිකරුවා විසින් අදාල පුද්ගලයා සමග ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදි සැකකරු විසින් වෙලඳ සැල් හිමියාගෙන් මුළු නිවසටම අවශ්‍ය ටයිල් කැට 140ක් ඉල්ලා ඇත.

එම අවස්ථාවේදී වෙළඳ සැල් හිමියා විසින් එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව සැකකරු විසින් අදා වෙලඳසැල් හිමියා නිවසේ කාමරයකට දමා බෙල්ලට පිහියක් තබාගෙන වහාම විනාඩි 10ක් ඇතුලත නිවසට අවශ්‍ය ටයිල් කැට 140 ප්‍රවාහනය කරන ලෙස තර්ජනය කර ඇත.

පසුව වෙලඳසැල් හිමියා විසින් සේවකයන් වෙත මේ බව දන්වා ලොරි රථයකින් අදාල ටයිල් කැට ප්‍රමාණය නිවෙස වෙත ලබා දී ඇති අතර පසුව සැකකරු විසින් අදාල වෙලඳසැල් හිමියා නිදහස් කර ඇතැයිද සඳහන්.

එහිදී වෙලඳසැල් හිමියා වහාම ක්‍රියාත්මක වී කෑගල්ල මූලස්ථාන පොලීසියට සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර ඇති අතර එහිදි පොලීසිය විසින් අදාල පුද්ගලයා සහ නිවෙසට ගෙනා ටයිල් කැට 140 අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අදාල ටයිල් තොගය සමග කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img