Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පොල්ලෙන් ගසා නීතීඥයාගේ කකුල කැඩූ සැකකරු රිමාන්ඩ්

janamaga.com_arrest

හිස් ඉඩමක කුණු පිච්චුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතීඥයෙකුගේ කකුලක් කැඩු බව කියන සැකකරු මෙම මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (12) නියෝග කලේය.

සැකකරුගේ නිවසත් පැමිණිලිකරුගේ නිවසත් අතර මැද හිස් ඉඩමක පැමිණිලිකාර නීතීඥයා පසුගිය 11 වැනි දින සවස්වරුවේ කසළ පුලුස්සා ඇති අතර එම අවස්ථාවේදි පැමිණි සැකකරු අදාල නීතීඥයා සමග වාද කර පසුව යකඩ පොල්ලකින් පහර දී ඇත.

පහර කෑමෙන් නීතීඥවරයාගේ එක් පාදයක් ස්ථාන කිහිපයකින් බිඳිමට ලක්ව ඇති අතර ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රථිකාර ලබන අතර ශල්‍යකර්මයකට ලක් කිරීමටද නියමිතව ඇති බව නීතීඥවරුන් අධිකරණයේදී පැවසීය.

මාර්ගයක් සම්බන්ධයෙන් අදාල දෙපාර්ශවය කාලයක් පටන් ආරවුලක් පැවැති බවත් පැමිණිලිකාර නීතීඥයා විසින් සැකකරුගේ නිවස අසළම කසල පුළුස්සන අවස්ථාවේදී එසේ නොකරන ලෙස සැකකරු අවස්ථා කිහිපයකදීම පවසා ඇති නමුත් අදාළ නීතීඥයා අසභ්‍ය වචයෙන් බැණ වදිමින් සැකකරුගේ නිවස අසලට පැමිණ ගැටුමක් ඇති කරගෙන ඇති බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණයේදි පැවසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධව මින් පෙර කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි පෙන්වා දුන් පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥයන් විසින් තුවාලකරු තවමත් රෝහලේ ප්‍රථිකර ලබන නිසාත් පොලීසිය තවමත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති නිසාත් විමර්ශන අවසන් නොමැති හේතුවෙන් අදාල විමර්ශනයන්ට බලපෑමක් ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසත් පැමිණිලි පාර්ශවයේ නීතීඥයක් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණ විසින් අදාල සැකකරු එලෙැඹෙන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මහරගම වරාකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img