අධිකරණය මගින් පරිවාස භාරයට පත්කර සිටියදී සිවු මස් ගැබිණියක් බවට ඇයට පත්කල බව කියූ 19 හැවිරිදි තරුණයෙකු සහ දැරියගේ මව අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.
2020 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දින කහතුඩුව පොලිස් වසමේ පදිංචිව සිටි එවකට 13 හැවිරිදි වියේ පසුවු අදාල දැරිය අපහරණය කිරීමේ වරදනට එවකට 18 හැවිරිදි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදි දැරිය පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මවට භාර කර තිබුණු අතර තරුණයා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
අනතුරුව 2021 අප්‍රේල් මස 1 වැනි දින මව භාරයේ සිටි දැරිය සිය නිවසට නැවත වතාවක් රැගෙන ගොස් ඇති සැකකාර තරුණයා විසින් ඊට දින 19කට පසු එම දැරියව නැවතත් දූෂණයට ලක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අධිකරණය මගින් පරිවාස භාරයට පත් කරමින් මවට බාරදුන් දැරිය සිව්මස් ගැබිණියක් බවට පරිවාස නිලධාරීන් දැනගැනීමෙන් පසුව පොලීසියට කරන ලද දැනුම්දීමකදි අදාල සැකකරු සහ දැරියගේ මව අත්අඩංගුවට ගත් බව සඳහන්.