රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය සමග ත්‍රිකුණාමල වරායේ සේවයේ නියුතු සේවකයෙකු ඇතුලු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ හොටල් කාමර වෙනත් පුද්ගලයන්ගේ නමින් වෙන්කරවාගෙන මෙම මත්ද්‍රව්‍ය කුරිර් සේවාව හරහා පානදුර, පිලියන්නද ඇතුලු තදාසන්න ප්‍රදේශන් වෙත බෙදා හැර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි මිලි ග්‍රෑම් 20ක් තිබුණු බවත් අදාල සැකකරුවන් ත්‍රිකුණාමලය සහ පානදුර ප්‍රදේශන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කලේය.