රජය විසින් මෙම වසරේ ජනවාරී මස සිට ලබා දීමට යෝජිත රුපියල් 5000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා රජයට බලකරමින් වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ සාමාජිකයන් විසින් විරෝධතාවක් පවත්වනු ලැබීය.
එහිදි අදහස් දක්වමින් එහි කැඳවුම්කරු ගාමිණි රත්නායක පවසනුයේ කොවිඩ් හේතුවෙන් රාජ්‍ය සේවකන් මෙන්ම නිදහස් වෙලඳකලාප සේවකයින්ද තම ජීවිත අවධානම නොතකා රජයට ඩොලර් සොයාදීමට රැකියාවල නිරත වූ බවත් පසුගිය 03 වැනි දින සිට සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්ම විශ්‍රාමික සේවකයන්ට රජය විසින් ලබා දෙන රුපියල් 5000ක දීමනාව තමන්ටත් ලැබිය යුතු බවයි.
එසේම මෙම දීමනාව තමන්ට නොලැබුනතේ රට පුරා පිහිටි නිදහස් වෙළද කලාප 14ක සේවකයින් 148,000ක පිරිසක් සමග රජයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.