ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වහාම පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂත් මෛත්‍රිපාල සිරිසේනත් යන දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කල බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන ලෙස තමා වසර දෙකක් පුරාවට කල ඉල්ලීම සිරිසේන විසින් කන් නොදුන් බවත් මෙම ඉල්ලීම නිසාවෙන් තමන් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධූරයෙන්ද ඉවත් කල බවත් ඇය පැවසීය.
එමෙන්ම තමන් අවුරුදු දෙකක් තිස්සේ පැවසු කරුණ වර්ථමානයේ සිරිසේන විසින්ම ප්‍රකාශ කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් පැවසීය.