ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් ඉකුත් ජනවාරි මාසයේදී විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.
ඉකුත් දෙසැම්බර් මස අවසානයේ පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 175ක රන් සංචිතය ජනවාරි මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92ක් දක්වා අඩුවී ඇත.
ශ්‍රී ලංකා මහබැංකුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ද සිය රන් සංචිතයෙන් කොටසක් විකුණා දැමු අතර ඉකුත් වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව සතුව රන් රංචිත ටොන් 3.1ක් තිබුණු බවට ද ඇස්තමේන්තු කර තිබුණි.
ජනවාරි මාසයේ රන් සංචිතය විකුණා දැමීමත් සමග මේ වනවිට ශ්‍රී ලංකාව සතු රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩුවී ඇතැයිද වාර්තා වෙයි