බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව වැඩි උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරින් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාව ඔමික්‍රොන් රැල්ලකට මුහුණදීමේ අවධානමක සිටන මොහොතක මෙම තත්ත්වය උත්ගතව තිබිම ඉදිරියේදී විශාල ගැටළුවකට මුහුණදීමට සිදුවන බව එම අංශ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝවිඩ්-19 සම්බන්ධීකාරක ආචාර්ය අන්වර් හම්දානි පෙන්වා දෙන්නේ, පදනම් විරහිත මිථ්‍යාවන් මත හේතුවෙන් සැලකිය යුතු ජනතාවක් බුස්ටර් මාත්‍රාව ලබාගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන බවයි.
“බූස්ටර මාත්‍රාව ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිශතය සියයට 50ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කළත්, මේ දක්වා එම ප්‍රතිශතය සියයට 20ක් පමණයි* යනුවෙන් ඔහු පවසයි.
“මිනිසුන් බූස්ටර් දිගටම අත්හරින්නේ නම්, දිගුකාලීනව සෑම කෙනෙකුටම ඒ සඳහා වන්දිගෙවීමට සිදුවේවි. ඒ නිසා මිථ්‍යාවන්ගෙන් මිඳී හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”වෛද්‍ය හම්දානි අවධාරණය කරයි.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ, සාමාන්‍ය ජනතාව දක්වන අකමැත්ත සැලකිල්ලට ගනිමින් එන්නත් ලබාදීමේ වැඩසටහන කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.
“සෑම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (MOH) ප්‍රදේශයකම අතිරේක එන්නත් මධ්‍යස්ථාන තුනක් පිහිටුවනවා. මීට අමතරව එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට පහසුකම් සැලසීම සඳහා එම එන්නත් මධ්‍යස්ථාන රාත්‍රී 8.00 දක්වා විවෘතව තබන ලෙස සියලුම රෝහල්වලටද දැනුම් දී තිබෙනවා.
තවද, එන්නත් මධ්‍යස්ථානයකට ළඟා වීමට නොහැකි ඕනෑම අයෙකුට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දැනුම් දිය හැකි අතර, එමඟින් ජංගම සේවා හරහා එම අවශ්‍යා සම්පූර්ණ කළ හැකියි” ඔහු පැවසීය.