හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තිය සමිති 18ක් අද (07) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වැටුප් විශමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද උදෑසන 07 සිට එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.
එම වැඩවර්ජනය සඳහා පිළිකා රෝහල, ළමා රෝහල, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් සම්බන්ද කර නොගන්නා බවත් හදිසි හා ජීවිතාරක්ෂණ සේවාවන් සඳහාද වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවද ඔවුන් සඳහන් කරයි.