ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැවරි ඇති බලතල ප්‍රකාරව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ මෙම වරට අදාල කටයුතු වාර අවාසන කිරීමට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2021 වසරට අදාල පාර්ලිමේන්තු සැසිවාර මේ අනුව අවසන් වන අතර නව පාර්ලිමේන්තු සැසි වාරය එලෙැඹෙන 2022 වසරේ ජනවාරි 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කල යුතු බව අදාල ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.
එමෙන්ම කතානායකවරයාද අඛන්ඩව කටයුතු කල යුතු අතරම නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු අතර උසස් නිළ පිලිබඳ කාරක සභාව වාර අවාසන කර ඇති අවස්ථාවක වුවද අඛන්ඩව ක්‍රියාත්මක වනු ලබයි.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වෙයි.