Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පාර්ලිමේන්තුව රැස්වෙයි – මහපොළ පනතත් සංශෝධනය වෙයි

පාර්ලිමේන්තුව හෙට දිනයේ සිට දින හතරක කාලයක් සඳහා රැස්වීමට කාරක සභාව තීරණය කල බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

ඒ අනුව හෙට (08) දිනයේ සිට සිකුරාදා දිනය දක්වා (11) පාර්ලිමේන්තුව රැස්වන අතර හෙට දිනයේ 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ලලිත් ඇතුලත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමද සිදුකරනු ලබන බවද සඳහන්.

එමෙන්ම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන 02ක් ද හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අනුව අරමුදලේ සාමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළ අග්‍රවිනිශ්චකාරවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකණ විසිනුරුවරයෙකු හෝ විශ්‍රාමික විගණකාධිපතියරයෙකු පත් කිරීමට සංශෝද ඉදිරිපත් වෙනු ඇත.

එසේම අරමුදලේ සාමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කල විශය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු විසින් පත් කරනු ලබන නියෝජිතයෙකු එම සාමාජික ධූරය දැරීම සඳහා පත් කිරීමටද හෙට දිනයේ ඉදිරිපත් කරනු ලබන සංශෝදනයෙන් බලාපොරොත්තු වන බවද සඳහන් වෙයි.

තවද අනිද්දා (09) සහ 10  වන දින අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මෙන්ම පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරිමේ) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි,  විවාද කර 10 වන දා සම්මත කරගැනීමට නියමිත අතර 11 වැනි දින හිටපු පා.ම. ගරු මංගල සමරවීර මහතාගේ අභාවය ගැන ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img