සංචාරක පහසුකම් සපයන ආයතන සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඒ අනුව ඔවුන් සිය නිවේදනයේ දක්වා ඇත්තේ දේශීය සංචාරකයින්ට නොසලකමින් විදේශිකයන්ට පමණක් සිය සේවාවන් ලබා දෙන ප්‍රතිපත්තිය අනුගමන කරන්නේ නම් එම ආයතනවල බලපත්‍රය අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පියවර ගනු ලබන බවයි.