Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ටික්ටෝක් වීඩියෝ ගැටුමෙන් තරුණයෙකු මරුට

janamaga-death.jpg

සාමාජ මාධ්‍ය ජාලයක් වූ ටික්ටෝක් හී තිබූ වීඩීයෝවක් සම්බන්ද ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුදයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ 17 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඊයේ (03) දහවල් මාදම්පිටිය පටුමග ප්‍රදේශයේදී මෙම පිහි ඇනුම සිදු කර ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයිද සඳහන්.

මෙම තරුණයා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු සමග අදාල ප්‍රදේශයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කිරිමේදි ඔවුන් පිටුපසින් පැමිණි මෙම තරුණයාය හඳුනන තවත් පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇත.

මෙම මරණයට හේතුව ලෙස ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් බවත් සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයිද පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img