Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රටට ඩොලර් නෑ ආණ්ඩුවට රුපියල් නෑ – මේවා කොරෝනා හින්දා ආපු ප්‍රශ්න නෙමෙයි

janamaga_com_Udaya_Gammanpila

මෙරට පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොව විදෙස් රටවල් වලින් අධික ලෙස ණය ලබා ගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ “කර්මාන්ත 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනය වූ ඊයේ (06) දින ඒ සඳහා සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදි අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ආණඩුවට මේ මොහොතේ රුපියල් නොමැති සේම රටට ඩොලර් ද මේ මොහොත වන විට නොමැති වීමත් සිදුව ඇති බවයි.

එසේම මෙම තත්ත්වය කෝවිඩ් නිසා ඇතිවුවක් නොවන බවත් මෙය කෝවිඩ් වසංගතය අවසන් වුවද අවසන් නොවන ප්‍රශ්නයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුව 1955 සිටම ආදායමට වඩා වියදම් කර ඇති බවත් මෙම වියදම් පියවා ගැනීම සඳහා ආදායම් උත්පාදනය කිරීමක් සිදු නොකර වියදම් පියවාගැනීමට දිගින් දිගටම ණය ගැනීම නිසාවෙන් මේ වනවිට රුපියල් ණය ලබා ගත නොහැකි තැනට ආණ්ඩුව සිරවී ඇති බවයි.

එමෙන්ම මෙම ණය පොලී සමග නැවත ගෙවීමට සිදුවීමේදී පවතින අර්බුද වැඩි වනවා මිස කිසි ලෙසකින් අඩු වීමක් සිදු නොවන බවද ප්‍රකාශ කරන අමාත්‍යවරයා සඳහන් කරනුයේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පියවර පහක් අනුගමනය කල යුතු බවත් එය ප්‍රශ්නයක් පවතින බව පිළිගැනීම මෙන්ම එය ණය උගුල නිසා සිදුවූවක් බව පිලිගැනීම මෙන්ම ජනතාවට බොරු කීම වෙනුවට සත්‍ය පැවසීමත් කාල වකවානු අනුව මේ තත්ත්වයෙන් රට ගොඩ ඒමේ වැඩ පිලිවෙල ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කල යුතු බවත් එම වැඩපිලිවෙල ආදර්ශයෙන් රටේ නායකයින් ජනතාවට කැප කිරීම් සිදුකරමින් පෙන්වා දිය යුතු බවද සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img