වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල උදිත ලොකුබණ්ඩාර විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේදී වංචනිකව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 30කට අධික මුදලක් වංචා කර ඇතැයි වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සිදුකල විමර්ශන වලදී හෙලිව ඇතතේ කාලයක් මුලුල්ලේ ඉතා සූක්ෂම අයුරින් උදිත ලොකු බණ්ඩාර විසින් වරින් වර අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගෙන ඇති බවයි.
මහින්ද රාජපක්ෂ 2015 පැවැති ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ පසු උදිත ලොකුබණ්ඩාර මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලදි.
හිටපු කතානායකවරයෙකු වන වි.ජ.මු ලොකු බණ්ඩාරගේ පුත්‍රයා වන උදිත ලොකු බණ්ඩාර පාර්ලිමේන්තුව නියෝජනය කල අතර පසුගිය මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ කල පරාජයට පත්විය.